කලකට පෙර මගෙ ජීවිතෙන්
නොකියාම නික්ම ගිය නුඹ
යළිදු ඇවිදින්
ආදරේ බව පවසන විට
පිළි ගන්නද නොපිළිගන්නද
කියාවත් නොදැනෙනා මානෙක
මා සිත හුදෙකලා වී ඇත
නමුදු
අයිතියක් ගැන නොසිතාම
දුරින් සිට හෝ නුඹ
මට ප්‍රේම කළ වග නම් පැහැදිලිය
මා සිතෙහි තනි අයිතිය
නුඹ සතු වූ දිනෙක
එය ප්‍රතික්ෂේප කළ නුඹව
යළි කිසිදු දිනෙක මට අවැසි නැත
මගේ එක් වෙනසකින් පවා
නුඹට රිදුණු වග දැනුනු දින
යළිත් හැරෙන්නට
මට අවැසි වූ වග පමණක්
ලියා තබා නවතිමි
ඉතිම්
සරසවියේ මතක පිටු අතර
මුලින් ම ලියැවුණු නුඹේ නම
කටු ගා දමන්නටද නොහැකි බැවින්
මිතුරුකමේ ලේබලයෙන් හෝ
නුඹේ ප්‍රේමය සගවා
හුදෙකලාව ම සිටින්නට
මා යළිදු තීරණය කළෙමි
✍️ නෙතූ ගුණවර්ධන
My voice ❤💐