Thursday, August 8, 2024

සරසවි ප්‍රේමය🤍

 



අතින් අත් පටලගෙන

 කැලණි කන්දෙ එහා මෙහා යන

ප්‍රේමවන්තයෝ දැක්කම

අදටත් මගෙ හිත දුවන්නෙම අතීතෙට...

මේ කැලණි අහස යට

අපි දෙන්නගෙ ආදරේ මතක

කොයි තරම් නම් පිරිලා තිබුනද 

ඔයාට මතකද

තල්වැටේ ඔයා ළග  ඉදගෙන අපි එකට ගෙවපු හවස්වරු

වැහි කෝඩ දවස්වල  මාව තුරුලට අරගෙන 

ඔයා මවපු ලස්සන හීන

මී අඹේ මහ රෑටත් 

ඔයා ළග  ඉදගෙන

අහසෙ තරු හොයපු දවස්

සයිබෙ ගල් පඩි පේළි වල

හද දිහා බලාගෙන

මං ඔයාට කියපු කතන්දර

මතක් වෙද්දින් අදටත්

හීනියට පපුව මැද්දෙන්  එන

පුංචි රිදුමක් එක්ක

ඇස් වලට කදුළු එද්දි

තවමත් මට හිතෙනවා

එදා ඔයා එන්න කියපු වෙලාවෙ

මට නොගිහින් ඉන්න තිබුනනෙ කියලා

ඉතිම් ඔයා හරි මගෙ ළමයො

අපි ආදරේ කරන්න හදිස්සි උනා වැඩී 💔

ඒත්  මේ දැනුත් මං ඔයාට කියනවා

මං මහා හුගක් ඔයාට ආදරෙයි 

        ✍️ නෙතූ ගුණවර්ධන

No comments:

Post a Comment

ආදරණීය බණ්ඩෙ හොස්ටල් 🥺❤ කැම්පස් එකේ ලස්සනම මතක පිරුණු තැන 😍

  ආදරණීය බණ්ඩෙ හොස්ටල් 🥺❤ කැම්පස් එකේ ලස්සනම මතක පිරුණු තැන 😍