Monday, June 3, 2024

Kandy





 කවුරු හරි මගෙන් ඇහුවොත්

ආදරේ කරන කෙනා එක්ක යන්න ආසම කොහෙද කියලා

දෙපාරක්ම නොහිතම මං කියනවා

මං ආදරේ කරන කෙනා එක්ක යන්න ආසම නුවර කියලා

නුවර කියන්නෙම ප්‍රේමණීය නගරයක්

ඉතිම් මං ආසයි

හීන් හිරිකඩ වැටෙන ලස්සනම දවසක ඔයා එක්ක නුවර යන්න

සුදු නෙලුම් මල් පොකුරක් අරගෙන ඔයත් එක්ක දළදාව වදින්න

මාලිගාව වැදලා හැම ආත්මෙම ඔයාව විතරක්ම ඉල්ලන්න

නෙත් බෝධිය ළගට ගිහින්

හිතේ විශ්වාසෙන් ප්‍රාර්ථනා කරන්න

නුවර වැව අයිනට වෙලා මන්දාරම් අහස දිහා ඔහේ බලාගෙන ඉන්න

රොබරෝසියා  වැටුනු පාරවල් දිගේ  

ඔයාගෙ අතින් අල්ලගෙන ඇවිදන් යන්න

වැව රවුමෙ තියන පුංචි බංකුවක වාඩිවෙලා ඔයාගෙ උණුහුම විදින්න

ආදරෙන් එහා මෙහා යන ප්‍රේමවන්තයො දිහා 

ඔයා එක්ක ම බලාගෙන ඉන්න

පේරාදෙණියට ගිහින් අපි දෙන්නගෙ ලස්සනම මතක 

ගැලරියට එකතු කර ගන්න

ඉතිම් මං ආසම

ඉමක් කොනක් නැතුව පේන නුවර අහස යට 

මගේම කියලා දැනෙන ඔයා එක්ක 

එකම එක දවසක් හරි නිදහසේ හුස්ම ගන්න

              ✍️ නෙතූ ගුණවර්ධන

2 comments:

  1. ඒ වචන ගොඩක් ලස්සනයි. ඔයාට ගොඩක් ලස්සන අදහස් තියෙන්නෙ නංගි. දිගටම මේවගේ ලස්සන වැඩ ඕන. 💗

    ReplyDelete
  2. ගොඩක් ලස්සනයි ❤️

    ReplyDelete

ආදරණීය බණ්ඩෙ හොස්ටල් 🥺❤ කැම්පස් එකේ ලස්සනම මතක පිරුණු තැන 😍

  ආදරණීය බණ්ඩෙ හොස්ටල් 🥺❤ කැම්පස් එකේ ලස්සනම මතක පිරුණු තැන 😍