Thursday, August 8, 2024

ආදරණීය බණ්ඩෙ හොස්ටල් 🥺❤ කැම්පස් එකේ ලස්සනම මතක පිරුණු තැන 😍


 

ආදරණීය බණ්ඩෙ හොස්ටල් 🥺❤ කැම්පස් එකේ ලස්සනම මතක පිරුණු තැන 😍

මිතුරුකමේ ලේබලයෙන් හෝ නුඹේ ප්‍රේමය සගවා හුදෙකලාව ම සිටින්නට මා යළිදු තීරණය කළෙමි


 කලකට පෙර මගෙ ජීවිතෙන් 

නොකියාම නික්ම ගිය නුඹ

යළිදු ඇවිදින් 

ආදරේ බව පවසන විට

පිළි ගන්නද නොපිළිගන්නද 

කියාවත් නොදැනෙනා මානෙක

මා සිත හුදෙකලා වී ඇත

නමුදු

අයිතියක් ගැන නොසිතාම

දුරින් සිට හෝ නුඹ 

මට ප්‍රේම කළ වග නම් පැහැදිලිය

මා සිතෙහි තනි අයිතිය 

නුඹ සතු වූ දිනෙක

එය ප්‍රතික්ෂේප කළ නුඹව

යළි කිසිදු දිනෙක මට අවැසි නැත

මගේ එක් වෙනසකින් පවා

නුඹට රිදුණු වග දැනුනු දින

යළිත් හැරෙන්නට 

මට අවැසි වූ වග පමණක් 

ලියා තබා නවතිමි

ඉතිම්

සරසවියේ මතක පිටු අතර

මුලින් ම ලියැවුණු නුඹේ නම

කටු ගා දමන්නටද නොහැකි බැවින්

මිතුරුකමේ ලේබලයෙන් හෝ

නුඹේ ප්‍රේමය සගවා

හුදෙකලාව ම සිටින්නට

මා යළිදු තීරණය කළෙමි

      ✍️ නෙතූ ගුණවර්ධන

My voice ❤💐

අපි හැමෝගෙම ජීවිතවලට එන්න ඕනි අපේම වයිබ් එකේ මිනිස්සු ❤😍




 අපි හැමෝගෙම ජීවිතවලට එන්න ඕනි අපේම වයිබ් එකේ මිනිස්සු  ❤😍

Script & voice - Nethu Gunawardhana

මං මේ ලෝකෙ දැකපු ලස්සනම ඇස් තිබුනෙ එයාට ❤



 මං මේ ලෝකෙ දැකපු ලස්සනම ඇස් තිබුනෙ එයාට ❤

Script & voice - නෙතූ ගුණවර්ධන

ප්‍රේමයේ සැබෑ තතු කියා දුන් ආදරණීය මිනිසුනි යළි කිසිදු දිනෙක ප්‍රේමයේ නාමයෙන් අප එකිනෙකා මුණ නොගැසිය යුතුය ❤


 ප්‍රේමයේ සැබෑ තතු කියා දුන් 

ආදරණීය මිනිසුනි

යළි කිසිදු දිනෙක ප්‍රේමයේ නාමයෙන් 

අප එකිනෙකා මුණ නොගැසිය යුතුය ❤

Script & voice - නෙතූ ගුණවර්ධන

Script & voice - නෙතූ ගුණවර්ධන






 ඔයාට මාව එපා උනොත් 

පුලුවන් තරම් වේලාසනම

මට ඒක කියන්න 

🥺❤

සරසවි ප්‍රේමය🤍

 



අතින් අත් පටලගෙන

 කැලණි කන්දෙ එහා මෙහා යන

ප්‍රේමවන්තයෝ දැක්කම

අදටත් මගෙ හිත දුවන්නෙම අතීතෙට...

මේ කැලණි අහස යට

අපි දෙන්නගෙ ආදරේ මතක

කොයි තරම් නම් පිරිලා තිබුනද 

ඔයාට මතකද

තල්වැටේ ඔයා ළග  ඉදගෙන අපි එකට ගෙවපු හවස්වරු

වැහි කෝඩ දවස්වල  මාව තුරුලට අරගෙන 

ඔයා මවපු ලස්සන හීන

මී අඹේ මහ රෑටත් 

ඔයා ළග  ඉදගෙන

අහසෙ තරු හොයපු දවස්

සයිබෙ ගල් පඩි පේළි වල

හද දිහා බලාගෙන

මං ඔයාට කියපු කතන්දර

මතක් වෙද්දින් අදටත්

හීනියට පපුව මැද්දෙන්  එන

පුංචි රිදුමක් එක්ක

ඇස් වලට කදුළු එද්දි

තවමත් මට හිතෙනවා

එදා ඔයා එන්න කියපු වෙලාවෙ

මට නොගිහින් ඉන්න තිබුනනෙ කියලා

ඉතිම් ඔයා හරි මගෙ ළමයො

අපි ආදරේ කරන්න හදිස්සි උනා වැඩී 💔

ඒත්  මේ දැනුත් මං ඔයාට කියනවා

මං මහා හුගක් ඔයාට ආදරෙයි 

        ✍️ නෙතූ ගුණවර්ධන

ආදරණීය බණ්ඩෙ හොස්ටල් 🥺❤ කැම්පස් එකේ ලස්සනම මතක පිරුණු තැන 😍

  ආදරණීය බණ්ඩෙ හොස්ටල් 🥺❤ කැම්පස් එකේ ලස්සනම මතක පිරුණු තැන 😍